Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

මහත වැහෙන්න ඇඳුම් අඳින්නේ මෙහෙමයි

ඔබත් ඔබේ මහත (fat) නිසා පිඩා විඳිනවද? මහත වැඩි ඔයාගේ මහත වහගන්න ක්‍රමයක් ගැනයි අපි අද ඔයාට කියලා දෙන්නේ.

අපි මුලින්ම බලමු මහත වහගන්න මොනවගේ ඇඳුම්ද අඳින්න ඕනි කියලා. මුලින්ම ඔබට කියන්න තියෙන්නේ ඔබ මහත කෙනෙක් නම් ඇඟට හිරවෙන ඇඳුම් අඳින්න එපා. එය ඔබේ මහත සහ ඇඟේ අවලස්සන පිටට පෙන්වීමට උත්සහ ගන්නවා වගේ දෙයක්.

 

සෑම විටම සැහැල්ලු, එල්ලා වැටෙන, ඇඟට වඩා විශාල බාහිර කොටස් ඇති ඇඳුම් තෝරාගන්න. සිරස් රේඛා ඇති ඇඳුම් තෝරාගන්න. සිරස් රේඛා තිබීමෙන් ඔබ මහත වැඩි බව පෙනෙනවාට වඩා උසින් වැඩිබව පෙනේවි. මේ නිසා ඔබ මහත් වුවත් ඔබේ මහත පිටතට කැපී පෙනෙන්නේ නැහැ.

 

තවද ඉනට පටි ආදිය තිබෙන ඇඳුම් ඇඳීමෙන් ඔබට විශාල උදරයක් තිබෙන බව කැපී පෙනේවි. මේ නිසා ඉන හිර කරන පටි වැනි දැ තිබෙන ඇඳුම් අඳින්න එපා. සෑම විටම ඔබේ ඉනට උඩින් පහලට දික්වෙන Blouse අඳින්න. ඔබ Skirt එකක් ඇන්දත් Jeans එකක් ඇන්දත් Blouse එක උඩින් දමන්න.

 

 

T-shirt සහ Blouse ඇඳීමේදී වම් සහ දකුණු පැති සමාන නොවන Design සහිත ඒවා ඇඳීමෙන් ඔබේ මහත වහගන්න පුළුවන්.

 

වඩාත් තද පැහැති ඇඳුම් ඇඳීමෙන් ඔබේ මහත කැපී පෙනෙන එක නවතිනවා. තද පැහැති ඇඳුම් ඔබේ ශරීරය සිහින් බව පෙන්වන අතර ලා පැහැති ඇඳුම් ඔබේ මහත වැඩි කර පෙන්වනවා.

 

ඔබ Saree අඳිනවා නම් Saree Jacket එකෙහි අත් දෙක දිගට මසන්න. ඒ වගේම Blouse අඳිනවා නම් අත් නැති Blouse අඳින්න එපා. අත් නැති ඇඳුම් ඇඳීමෙන් ඔබේ මහත වැඩි කර පෙන්නනවා. Saree අඳිනවා නම් උදර ප්‍රදේශය වැහෙන සේ ඝන Saree වර්ග අඳින්න. මහත අය Saree ඇඳීමේදී Boder රහිත Saree අඳිනවා අනම් වඩාත් යෝග්‍යයි. එකට හේතුව Boder සහිත Saree මිටි කර පෙන්නවන නිසා තවත් මහත කැපී පෙනෙනවා.

 

 

Popular Articles