Thursday, March 28, 2024

Top 5 This Week

Related Posts

කෝමාරිකා වල විශ්මිත රහස්

කෝමාරිකා වල බොහෝ ප්‍රයෝජන ඇත. රුපලාවන්‍යට මෙන්ම සෞඛ්යය අතින් ද බොහෝ ප්‍රයෝජන පවතී. කෝමාරිකා යුෂද ඉතා වැදගත් පානයක්. පානයක් ලෙසද ආහාරයක් ලෙසද ඖෂදයක් ලෙසද සම පැහැපත් කිරීමට සහ විවිධ දේ සඳහා කෝමාරිකා අපට ඉතා වැදගත් වෙනවා. විටමින් A ,C ,D සහ E මෙන්ම folic හා niacin අම්ල ද කොපර්, මැග්නීසියම්, කැල්සියම්, පොටෑසියම්, සින්ක්, සෝඩියම් සහ යකා වැනි ඛනිජයන්ද ඇමයිනො අම්ලද අඩංගු වේ. මෙයින් ලැබන ප්‍රයෝජන

* හන්දිපත් වේදනාව සමනය කරයි.

* දන්ත සෞඛ්යය වැදගත් වේ.

* ගැස්ට්‍රයිටිස් සඳහා නිසැක ඔසුවකි.

* ඔබ ක්‍රියා කාරී සහ නිරෝගී තරුණ පෙනුමක් ලබා දෙයි.

* ප්‍රතිශක්තිය වඩවයි.

* ජීරණය ක්‍රමවත් කරයි.

* හදවත නිරෝගී කරයි.

* කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි.

* සම පැහැපත් කරයි.

 

කෝමාරිකා පානය

අවශ්‍ය ද්‍රව්‍ය

කෝමාරිකා
මි පැණි
අමු ඉඟුරු
දෙහි
ලුණු
උණුකර නිවාගත් ජලය

සදා ගන්නා ආකාරය
කෝමාරිකා පත්‍රයෙන් මදය සුරා ගන්න. කෝමාරිකා මදය උණුකර නිවා ගත ජලය, මි පැණි, දෙහි යුෂ, අමු ඉඟුරු සහ ලුණු එක්කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. ලුණු සහ දෙහි ඇති නිසා මෙමෙ කෝමාරිකා පානය සතියක් පමණ ශීතකරණයේ තබා බිමට ගත හැක.

 

කැළැල් රහිත සුපැහැදිලි සමක් සඳහා

කෝමාරිකා ශාකය ඔසුවක් ලෙස භාවිත කිරීම සම්බන්දයෙන් දීර්ඝ ඉතිහාසයක් තියනවා. ක්ලියෝපැට්‍රා විසින් තම සම අලංකාර කර ගැනීමමෙන්ම තරුණ බව රැකගැනීමට කෝමාරිකා භාවිතා කර ඇත. කෝමාරිකා පත්‍රයේ ඇති gel එක තමයි අපට ගොඩක්ම උපකාරී වෙන්නේ.විවිධ ලෙඩ රෝග සුව කර ගැනීම සඳහාද කෝමාරිකා උපයෝගී වේ.
මුහුණේ රැලි සහිත බව අඩුකර මුහුණෙහි ඇති තුවාල කැළැල් පවා නැති කර තරුණ පෙනුම ලබා ගත හැකියි. සමේ තෙතමනය රඳා පවත්වා ගැනීමටත් කෝමාරිකා උපකාරී වේ .

 

භාවිතා කරන ආකාරය
දිගින් වැඩි කෝමාරිකා පත්‍රයක් අරගෙන පත්‍රය කැබලි 4කට කපා ගන්න.මෙම කෝමාරිකා මුහුණේ ආලේප කරගත හැකි ආකාරයට තිරස් අතට කපා හොඳින් මුහුණේ අතුල්ලන්න. scrub එකක් විදිහටත් මෙය භාවිතා කල හැක. මෙයින් සමේ මැරුණ සෛල ඉවත් කර සම ප්‍රාණවත් කරයි.

 

 

හිස්හොරි නැති කිරීම සඳහා

ඔලුව කැසීම, පොතු පොතු ගැලවී යාම අද බොහෝ දෙනාට තිබෙන ගැටළුවක්. ඉතින් ඔබත් හිහොස්රි නිසා පිඩාවට පත්වෙලා ඉන්නවා නම් මෙය අත් හදා බලන්න.

 

සරලම ප්‍රතිකාරය

අවශ්‍ය ද්‍රව්‍ය
පොලි කිරි
ඒ ප්‍රමාණයටම දෙහි කොළ ටිකක් අඹරා කොටා යුෂ
දෙහි ගෙඩියක දෙහි යුෂ

 

මේ සියල්ල සමානව අරගෙන එකට එක්කර අවුවේ තබා ගන්න.මෙය හොඳින් අවුවේ තබා ගත් පසුව හිසෙහි තෙල් වෙනුවට මෙය අලේප කරන්න. මෙය දින කිහිපයක් කල පසු හිස්හොරි නැත්තටම නැති වී යාවි. ඔබත් මෙය අත් හදා බලන්න

 

Popular Articles