Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

ඉතා දුර්ලභ චන්ද්‍රගහණයක් හෙට දිනයේදී

සුපර් බ්ලූ බ්ලඞ් මූන් හෙවත් සුපිරි නීල සඳක් සහ පූර්ණ ලෝහිත චන්ද්‍ර ග‍්‍රහණයක් ලෙස හැඳිනවෙන මෙය ඉතා දුර්ලභ චන්ද්‍රගහණයක් ලෙස සැලකෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යාවකාශ ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දන ජයරත්න මහතා සදහන් කරන ආකාරයට මෙය පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට ලංකාවාසී සැමට අවස්ථාව සැලසේ. මෙම චන්ද්‍ර ග‍්‍රහණය සිදුවන්නේ වසර 152කට පසුවයි, එනම් මිට පෙර මෙම චන්ද්‍ර ග‍්‍රහණය සිදු වී ඇත්තේ 1866 වර්ෂයේදිය.

පෝය දිනක මෙම චන්ද්‍ර ග‍්‍රහණය සිදුවන නිසා වෙනත් පෝය දිනවලදීට වඩා සියයට 14ක් විශාලව සහ සියයට 30ක් දීප්තිමත්ව චන්දය දැකගත හැකියි.

ශ‍්‍රී ලංකාවාසීන්ට පස්වරු 6.21 සිට රාත‍්‍රී 7.37 දක්වා කාලය තුළ නැගෙනහිර ක්ෂිතිජයට ආසන්නව මෙම චන්ද්‍රගහණය දැකගත හැකිය.

 

 

Popular Articles