Friday, April 19, 2024

Top 5 This Week

Related Posts

සමුද්‍ර සමග beauty

අපි makeup භාවිතා කරනකොට අපි නොදැනුවත්ම අපේ අතින් වැරදි රාශියක්ම සිදුවනවා. ඉතින් අපි අද කතා කරන්නේ makeup වැරදි ගැනයි.

01 makeup එකක් තෝරාගන්නේ කොහොමද?
අපි මුලින්ම අපට තිබෙන සමේ වර්ණය හඳුනාගත යුතුයි. අපට තියෙන්නේ තෙල් සහිත සමක් ද වියලි සමක් ද සාමාන්‍ය සමක්ද යන වග. තවද සමේ වර්ණය ගැන සැලකිලිමත් විය යුතුයි.සමේ වරණය හඳුනා නොගත්තොත් ඔබගේ makeup විකෘති එකක බවට පත්වේ.

02 foundation එකක් තෝරා ගැනීම
හොඳ ප්‍රමිතියක් ඇති බ්‍රෑන්ඩ් එකක් විය යුතුයි.කල් ඉකුත් වූ makeup වර්ග භාවිතයෙන් වැලකිය යුතුයි.එමෙන්ම makeup කිරීමට ප්‍රථම තමන් යන උත්සව අවස්ථාවට උචිත වන ආකාරයේ makeup එකක් කිරීම.තමන් makeup කරන ස්ථානය ආලෝකමත් ස්ථානයක් විය යුතුයි. මන්ද ඔබ අඳුරු ස්ථානයකදී makeup කල විට එලියට ගිය විට ඔබගේ makeup එක විකෘති විය හැක. එබැවින් ඔබ සැමවිටම ආලෝකමත් ස්ථානයක සිට ඔබගේ makeup එක කල යුතුයි. ඔබ දිනපතා භාවිතා කරන foundation වර්ග පිලිබඳ වඩාත් සැලකිලිමත් වන්න.යම්කිසි පුස් බැඳීමක් හෝ වර්ණයේ යම් වෙනසක් සිදුවී ඇත්නම් වහාම එය නතර කරන්න.එමගින් බැක්ටීරියාවක් (සමේ ආසාධනයක්) හෝ සම පිළිකා ඇතිවිය හැකියි.

 

 

03 makeup brush
ගොඩක් අය නොකරන දෙයක් තමයි තමන් දිනපතා භාවිතා කරන තමන්ගේ makeup brush පිරිසිදු නොකොරිමයි. ඔබ දිනපතා ඔබ භාවිතා කරන makeup brush සබන් වර්ගයකින් හෝ face wash එකකින් හොඳින් සෝදා ඔඩිකොලෝන් හෝ විෂබීජ නාශක දියරයකින් spray  අවුවේ වියලාගත යුතුයි.

04 තොල් ආලේපන
ඔබ දිනපතා තොල් භවිතා කිරීමෙන් ඔබේ තොල් වලට හානියක් සිදුවේ. එකම තොල් ආලේපනය ආලේප කර ඒ මත නැවත ආලේප කිරීමෙන් දෙතොලට හානියක් සිදුවේ. තොල් ආලේපනයක් භාවිත කිරීමට පෙර තොල් ආවරණයක් (lop barm) එකක් භාවිතා කිරීම අනිවාර්ය වේ. තොල් ආලේපනයක් භාවිත කල පසු දෙතොල් පය ගණනක්ම ගියපසු එම වර්ණයම හෝ lipstick උඩටම ආලේප කිරීමෙන් දෙතොල විෂබීජ බැක්ටීරියා ආසාධන වලට ලක් වී කිසිදු තොල් ආලේපනයක් ආලේප කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැත. එම නිසා තොල් ආලේපනය කිරීමට අවශ්‍ය නම් tissue කැබැල්ලකින් ඒ ආලේපනය ඉවත් කර අලුතින් ආලේප කරන්න. දිනපතා තොල් ආලේපන භාවිත කරන කෙනෙක් නම් ඔබ විවේකි කාලය ගත කරන්නේ රාත්‍රී කාලයේ නම් දෙතොලට ඔලිව් තෙල් හෝ තල තෙල් ටිකක් ආලේප් කරන්න. එයින් යම් කිසි විසක් ඇතුල් වී නම් එම විස මැරේ.

05 ඇස් ආලේපන
මෙහිදී ඔබ කල් ඉකුත් වූ eye liner සහ pencil භාවිතයෙන් ඉවත් කරන්න. පෙර භාවිත කල eye liner ඉවත් කිරීම සඳහා සුදුසු eye liner remover එකක් භාවිතා කරන්න. නිවසේදී ඔබට baby cream හෝ baby oil එකකින් එය ඉවත් කරන්න.

06 eye shadow
මෙය භාවිතා කිරීමෙන් ඔබ කරන වැරද්දක් වන්නේ බොහෝ සෙයින් තම අවස්ථාවට උචිත නොවන පරිදි … භාවිත කිරිමය

06 blusher

මුහුණට කම්මුල්වලට අතින් පහරක් ගැසුවා සේ සමහර අය blusher එක පාවිච්චි කරන්නේ. එයින් හැඟෙන්නේ තමන් අවිනීතව හැසිරෙන කාන්තාවක් ලෙසයි. එම නිසා ඔබ ඉතාම අඩු වර්ණ ප්‍රභේදයකින් ඔබගේ blusher භාවිත කරන්න.

තමන්ගේ වෘත්තීය ආරක්ෂා වන පරිදි තමන් නියමිත ආකාරයට makeup ( අංග රචනය හෝ වෙස් ගැන්වීම) තමා විසින් සිදු කරන්නේ නම් එය ප්‍රවීන පළපුරුදු රුපලාවන්‍ය ශිල්පියෙක්ගෙන් උපදෙස් ලබාගෙන ඔබට අවශ්‍ය වර්ණ ප්‍රභේද හඳුනාගෙන භාවිත කරන්න.

ඔබට අද ඔබ අතින් සිදුවන makeup වැරදි ගැන කියල දුන්නේ ප්‍රවීන ටෙලිනාට්‍ය හා අංග රචනා ශිල්පී හා ශ්‍රී ලාංකීය 
මනාලියන්ට Air brush කලාව ප්‍රථමයෙන් හදුන්වාදුන් රුපලවන්‍ය ශිල්පී සමුද්‍ර සිතුරුවන්

ලබන සතියේ අපි බලාපොරොත්තු වන්නේ foundation තොරගෙන නියම ආකාරයට makeup කරගන්නා ආකාරය.

Popular Articles