Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

මනෝවිද්‍යාත්මක උපදේශනය

මනෝවිද්‍යාත්මක උපදේශනය පිළිබඳව අවධානය යොමු කිරීමේදී මෙම විෂය මනෝවිද්‍යා විෂය ක්ෂේත්‍රය තුල උප විෂය ක්ෂේත්‍රය ලෙස හඳුනාගත හැකිය. මෙහිදී උපදේශනය යනුවෙන් අදහස් කරන්නේ ගැටළුවකට මුහුණ දුන් පුද්ගලයකුට, කණ්ඩායමට හෝ පවුලකට මනෝවිද්‍යාත්මක ප්‍රවේශයන් මගින් ඔහුට/ඇයට ඇති වී ඇති ගැටළුවකට මනෝවිද්‍යාත්මක ක්‍රම ඔස්සේ ගැටළු නිරවුල් කරගැනීමට සහයෝගය ලබා දීමයි. තව දුරටත් උපදේශනය යනු කුමක්දැයි විමසීමේදී සිදුවන්නේ මනෝවිද්‍යාත්මක ප්‍රවේශයන් මඟින් සේවාදායකයා හා සේවාලාභියා සමග අන්තර් පුද්ගල සම්බන්දතා ගොඩ නගා ගනිමින් පවතින ගැටළු නිරවුල් කරමින් සංවර්ධනය කරා ගෙන යාමයි.

උපදේශනය තුල මුලික කොටස් 2ක් හඳුනාගත හැකිය, පළමුව.උපදේශනය යොදා ගනුයේ නිශ්චය කල නොහැකි හා අවබෝධ කර ගැනීමට අපහසු ප්‍රශ්ණ විසඳීම සඳහාය. දෙවනුව, උපදේශනය යොදා ගනුයේ සුදුසු මැදිහත්වීම ලබා දීමට විවෘතව ප්‍රවේශ වීමට යන අයුරින් උපදේශනය හඳුනාගත හැකි වේ. අප උපදේශනය ලබා දෙන ප්‍රධාන උපදේශන ක්‍රම 03 හඳුනාගත හැකිය.

01 පුද්ගල උපදේශනය (Individual counselling)
02 පවුල් උපදේශනය (family counselling)
03 කණ්ඩායම් උපදේශනය (group counselling)

ඉහත සඳහන් උපදේශන ක්‍රම මගින් තමන්ගේ ගැටළු නිරාකරණය කර ගැනීමට , උපදේශකවරුන් හා ඒ හා සම්බන්ධ ආයතන හා සම්බන්ධ වීමට ඔබට අවස්ථාව ඇත. පුද්ගලයෙකුට මනෝවිද්‍යා උපදේශනය අවශ්‍ය වන්නේ තමන්ට තනිව විසඳාගත නොහැකි අර්බුදයන්ට විසඳුම් ලබා ගැනීමටය. එසේම පුද්ගල පෞර්ෂය නංවාලීමට, තමන්ට ගැටළුවක් ඇති අවස්ථා වලදී නිවැරදි තීරණ වලට එළඹීමට, පුද්ගල ජීවන අත්දැකීම් අවමයෙන් සහ නිවැරදි දේ විනිශ්වයට අවශ්‍ය ශක්තියඅම පුද්ගල ශක්තීන් වැඩිදියුණු කිරීම, ශක්තිය වර්ධනය කිරීමට උපදේශන සේවාව ඉවහල් වේ. විශේෂයෙන්ම තවත් පුද්ගලයෙක්ගේ ප්‍රකාශ කිරීමට අපහසු ගැටළු විශ්වාසවන්තව හා පැහැදිලිව තවත් පුද්ගලයෙකුට පැවසීමට, එමගින් සිත සැහැල්ලු කර ගැනීමට උපදේශනය අපට අවශ්‍ය වන බව පැහැදිලි වේ. මනෝවිද්‍යාත්මක උපදේශනය අපට ජීවිතය තුල වැදගත් වන්නේ පුද්ගල චර්යාවන් වෙනස් කිරීමට, ප්‍රජනනය වෙනස් කිරීමට, දැනුවත් කිරීමට. දැනුම ඉහල නැංවීමට,චිත්තවේග පාලනය කිරීම යන්න වූ විවිධ අමුණු රාශියක් මුල්කොට ගෙනය. මෙම විදවත් විද්‍යාත්මක සහයෝගය සහ මැදිහත්වීම් ලබා දීම මනෝවිද්‍යා උපදේශන සේවාවේ සුවිශේෂත්වයකි.

 

 

Badra Udawatta

Assistant Director

Counselling

 

 

 

Popular Articles