Thursday, March 28, 2024

Top 5 This Week

Related Posts

ලොවක් දිනු චණ්ඩි කෙල්ලෝ දෙන්නෙක්

2016 වර්ෂයේදී තිරගත වූ මේ චිත්‍රපටියෙන් කියවෙන්නේ වෙනස්ම ක්‍රීඩාවකට යොමු වූ දියණියන් දෙදෙනෙකු ගැනයි. බොහෝ ආසියාතික රටවල සාමාන්‍යයෙන් ගැහැණු දරුවෙකුගෙන් බලාපොරොත්තු වන්නේ ලස්සන, හේ දොර කටයුතු කරන, ආහාර පිළියෙළ කිරීමට දන්නා, සියුමැලි ගති ගුණ සහිත සුන්දර කාන්තාවක්. නමුත් ඔවුන් තුලත් විවිධ දක්ෂතාවයන් පවතිනවා. …………………. නිරතුරුව පාඨක ඔබට පෙන්වා දෙන්නේ කාන්තාව කියන්නෙත් බොහොම ශක්ති සම්පන්න, ධෛර්යවන්ත , අභියෝගවලට මුහුණ දිය හැකි ශක්තිමත් චරිතයක් කියන එකයි.

“දංගල්” චිත්‍රපටියෙන් කියවෙන්නෙත් “මල්ලවපොර ක්‍රීඩාවෙන් රටට කීර්තියක් ගෙන දුන් දිරිය දියණියන් දෙදෙනෙකු ගැනයි, ඉන්දියානු ජාතික “ගීතා සහ බබිතා” කියන මේ අක්කා නගෝ දෙදෙනාගේ පොදු රාජ්‍ය මණ්ඩල රන් පදක්ක්කම දක්වා වූ ගමන මෙම චිත්‍රපටියට පාදක වෙලා තියෙනවා. මෙම ක්‍රීඩාවට දරුවන් යොමු කරමු මේ අසාමාන්‍ය පියා තමා “මහවිර් සිං ” කියන්නේ.

2012 වසරේ මේ අසාමාන්‍ය පියාගේ කතාව “දංගල්” චිත්‍රපටයට නැගුනා. එහිදී ඔහුගේ චරිතය රඟපාන ලද්දේ අමීර් ඛාන් විසිනුයි. ඉන්දියාවේ හර්යානා පළාතේ හින්දු පවුලක උපන් ඔහුට තරුණ වියේදීම මල්ලව පොර ක්‍රීඩාව අතහරින්නට සිද්ධ වෙන්නේ ඔහුගේ පවුලේ තිබුන දුප්පත්කම නිසයි. නමුත් ඔහු අධිෂ්ටාන කරගන්නවා තමාට පුතෙක් ඉපදුනහම ඒ හීනය සැබෑ කරගෙන පුතාව රටේ ප්‍රසිද්ධ මල්ලව පොර ශූරයෙක් කරනවා කියලා.

නමුත් ඔහුගේ භාර්යාවට උපදින්නේ ගැහැණු ළමයින්ම හතර දෙනෙක්. ඒ ගැන කණගාටුවෙන් පසු වෙද්දී දිනක් ඔහුගේ වැඩිමල් දියණියන දෙදෙනා පාසල් ඇරිලා ගෙදර එන අතරතුර තමන්ට විහිලු කරපු පිරිමි ළමයෙක්ට හොඳටම ගහනවා. මේ සිද්ධියෙන් පස්සේ ගැහැණු දරුවන් ගැන මහාවීර් තුල තිබුන අදහස් ඉවත් වී ඔහු තීරණය කරනවා දරුවන්ම මල්ලව පොර ක්‍රීඩාවට යොමු කරන්න.

එතැන් සිට මේ දෙදෙනාට සමාජෙන් එල්ලවන අභෝයෝග ජය ගනිමින් රන් පදක්කම දක්වා වූ දුෂ්කර ගමන “දංගල්” චිත්‍රපටියෙන් ඉදිරිපත් කෙරෙනවා.

මේ කතාවෙන් බොහෝ ආදර්ශ අපිට ගන්න පුළුවන්,
1. දියණියක් කියන්නේ පුතෙක් වගේම විවිධ දක්ෂතා වලින් පිරිපුන් කෙනෙක්
2. ඔබේ දුවට විවාහයට බල කිරීම පසෙක තබා ඔවුන්ගේ ජීවිතයේ ප්‍රර්ථනා , සිහින මුදුන්පත් කර ගන්න හැකි සැම සහයෝගයම දීම
3. අරමුණක් ඇති කර ගැනීම , ඒ අරමුණ වෙනුවෙන් දිවා රාත්‍රී කැප වීම, ඒ අරමුණට එන බාධා ඉදිරියේ නොසැලී ක්‍රියා කිරීම

 

Popular Articles