Friday, April 19, 2024

Top 5 This Week

Related Posts

Facebook ඉන්න අම්මලාටයි

මුහුණු පොත එහෙමත් නැත්නම් Facebook කියන්නේ අද අතිශය ජනප්‍රිය සන්නිවේදන මාධ්‍යක්. ඒ විතරක් නෙමෙයි ජිවිතයට නැතුවම බැරි අංගයක් වෙලා. බටහිර ජාතින් මෙවැනි දියුණු තාක්ෂණික ක්‍රම ප්‍රයෝජනවත් විදිහට භාවිතා කලත් ආසියාතික අප ඒවා භාවිතා කරන්නේ නම් අනිසි ප්‍රතිඵල ඇති වෙන විදිහටයි. නොමේරූ දරුවන් විතරක් නෙමෙයි නොමේරු වැඩිහිටියන්ද අන්තර්ජාලය හා Facebook භාවිතා කරන ආකාරය දුටුවම හිතෙන්නේ අපි තාක්ෂනය නිසා වලපල්ලට යන බවයි.

අද ඉන්න තරුණ අම්මලාට phone එකයි Facebook එකයි අතට ගත්තම මුළු ලෝකෙම අමතක වෙනවා. සමහර වෙලාවට තම දරුවා ගැන වුවද සෙවීමට, බැලීමට කාලයක් නැති වෙන්නේ යන යන තැන Selfie ගසා Facebook Upload කරමින් තමන්ගේම ලෝකයක තනිවී සිටින නිසයි.

තම පෞද්ගලිකත්වය ඕනිවටත් වඩා ලෝකයාට පෙන්වමින් ඔබ මේ කරන්නේ තමාගේ අතින්ම තමාගේ වල කපා ගැනීම නෙමෙයිද? එය මවක් විදිහට ඔබේ ප්‍රතිරූපයට කොයි තරම් හානි වෙනවද කියලා නිකමටවත් හිතලා බැලුවේ නැ නේද? සමහර විට ඔබ මේ පළකරන ජායාරුපය Facebook එකට එන ඔබේ දරුවන්ද දකින්න පුළුවන්. ඔබ හිතනවාද ඒ selfie හා ඒවාට ලැබී තිබෙන ප්‍රතිචාර වලින් ඔබ ගැන දරුවන් කුමන තීරණ වලට එළඹෙනවද කියලා.

Facebook නිසා පැටලෙන අනියම් සම්බන්දතා වල ද අඩුවක් නැහැ. වල්පල් දොඩවන්නට Facebook පිටුව කදිම තෝතැන්නකි. ඒ අතරේ ඔබේ හිතට වදින comment එකක් දාපු කීදෙනෙක් එක්ක ඔබ chat කලාද? නිකමට වත් හිතුවාද? මේ දුරදිග යන chat එකක් නිසා පවුල් ජීවිතයටත් දරුවන්ටත් මොනවගේ බලපෑමක් ඇති වෙයිද කියලා.

කොයි දේ වුනත් ඕනෑවට වඩා ඕනිම නෑ කියලා කියන්නේ කට කහනවට නෙමෙයි.ඒක Facebook , Selfie වලටත් අදාලයි. ඒ නිසා කවුද කරන්නේ, කුමක්ද කරන්නේ කියලා සිහියෙන් හිතලා බලලා මේවා පාවිච්චි කලොත් ඔබේ ගෞරවය රැකගෙන ඉන්න පුළුවන් වෙයි.

 

 

 

Popular Articles