Wednesday, April 24, 2024

Top 5 This Week

Related Posts

නිවසේ ඇතුලත මෙන්ම පිටතත් හැඩකරන බිගෝනියා

දැක්ක ගමන් නෙත් සිත් වශීකරන ශාක අතරින් බිගෝනියා ඔබගේ නිවස පිටත මෙන්ම ඇතුළතද ලස්සන කරයි.

* වර්ග රැසයි
මෙම ශාකයේ ගොඩක් පාට මෙන්ම විවිද රටා වලින් යුතු පත්‍ර වේ. ශාක පැලෑටියක් ලෙස ගත්තම මෙය ප්‍රධාන කොටස් දෙකකට වෙන් කෙරේ. එනම් විචිත්‍ර පත්‍ර ප්‍රභේද හා මල් හටගන්නා ප්‍රභේද යනුවෙනි. විසිතුරු පත්‍ර සහිත බිගෝනියා වර්ග කොටස් දෙකක් වේ. එනම් සැමදා පත්‍ර හටගන්නා සහ අවුරුද්දේ එක් කාලයකදී පමණක් පත්‍ර වැටී යන වර්ග ලෙසයි.

* විවිධ හැඩ
ඉතාම ලස්සන වර්ණ වලින් යුක්ත මෙය විවිධ හැඩතල වලින්ද යුක්තයි. මේ කොළ වල තැනින් තැන දිළිසෙන පෘෂ්ඨ සහිත ඒවා වගේම තනි වර්ණයේ, වර්ණ කිහිපයක් මිශ්‍ර වූ ඒවා ද වේ.කොළ වල අග උල් හැඩති , කැරලි හැඩති , තාරකා , බෝ කොළ , හදවතක හැඩය ඇති ඒවාද වෙයි. මේවා විවිධ නම් වලින් හඳුන්වයි… එනම් * සිල්වර් ඩස්ට්
* අයිලැෂ්
* රෝසි ජුවෙල් ටෙසනියනා අයන් ක්‍රොස්
* ඉන්කානා
* යුල්ටයිල්
යන නම් මේ අතරින් ජනප්‍රියත්වයක් උසුලයි.මේ වගාව සඳහා හොඳින් හිරු එළිය ද ලැබිය යුතුයි.

*හොඳින් ජලය ලැබෙන ස්ථානයක් විය යුතුය

ඍජුවම හිරු එලිය කොළ වලට වැටීමෙන් කොළ පිච්චීම හා වර්ණය වෙනස් වෙයි. එම නිසා අතු අතරින් ලැබෙන හිරු එළිය උදැසන හිරු එළියත් බොහෝ වැදගත් වේ.එයින් කොළ වල වර්ණය හා අලංකාරයද වැඩිවේ. බොහෝ දෙනා මේ වගාව සඳහා විවධ වග මිශ්‍රණ උපයෝගි කර ගන්නවා.තෝරා ගන්නා වගා මාධ්‍ය කුමක් වුවත් හොඳින් ජලය ලැබෙන ස්ථානයක් විය යුතුය.

* බෝ කිරීම
මෙම වගාව බෝ කර ගැනීමේදී ක්‍රම කිහිපයකින් සිදුකල හැකියි. පඳුරු වෙන් කිරීමෙන්, කඳ කැබලි මාර්ගයෙන් බීජ මෙය බෝ කර ගත හැක.
1 පඳුරු වෙන් කිරීම – මෙය හොඳින් වැඩුනු පසු මව් ශාකය තුල තවත් ශාක කිහිපහයක් හට ගනී.එම වැඩුනු පඳුරු තනි තනි වශයෙන් පැල
වෙන් කර සිටු විය යුතුය
2 කඳ කැබලි මඟින් – වැඩුනු බිගෝනියා ශාකයේ කඳ කොටස කැබලි වශයෙන් වෙන් කර සිටුවීමෙන් ද බෝ කර ගත හැකිය. අංකුර හට ගන්න
ස්ථානයට මඳක් පහලින් කපා ඉවත් කරගත යුතුය.
3 බීජ මඟින් – බිගෝනියා බීජ රෝපණයට කොම්පෝස්ට් හා වැලි කොටස් එකට එක (1:1) ප්‍රමාණයට ගෙන මිශ්‍රණයක් සාදා ගන්න. වඩාත් හොඳ ප්‍රතිපලයක් ලැබීමට එය ජීවානුහරණය කරන්න. ඒ මත උළු කැට තට්ටුවක් තවරා වගා මිශ්‍රණය යොදන්න. එවිට  හොඳින් ජලය බැසීම සිදුවේ. බීජ වැපුරු පසු එඅ මත තවන් වැලි ටිකක් ඉසින්න. බඳුනේ කට වීදුරු කැබැල්ලකින් වසන්න. හොඳින් සෙවණ ලැබෙන ස්ථානයක තබන්න.සැමවිටම ජලය යොදන්න.දිනකට විනාඩි කිහිපයක් වීදුරුව ඉවත් කර ජලය යොදන්න.බීජ පැල වූ පසු කුඩා බඳුන් වලට මාරු කරන්න.

Popular Articles